ජීවිතේ කෙනෙක්ට ලැබෙන හොඳම Mortivation එක තමයි ප්‍රතික්ෂේප වීම . අපි එක්ක ජීවිතේ බෙදාගත්ත අය , අපි ආදරේ විඳපු අය අතෑරුනම හරි මැරුනම හරි අපිට උහුලගන්න බැරි තරම් දුකක් දැනෙන්නෙ අපි ඒ තරම්ම ඒ මිනිස්සුන්ගෙ හිත් එක්ක බැඳිලා උන්න නිසා . ඒ බැඳීම් එක්ක ගැවසිලා හොඳ නරක කියන පාඩම් දෙකම ඉගෙන ගෙන ආව අපිට තදින්ම දැනුන බැඳීම් අපිට අතෑරෙනකොට දුකයි තමයි . ඒත් අපි හුරු වෙන්න ඕන අපේ හිත ශක්තිමත් කරගෙන ජීවිතේ හදාගන්න . ජීවිතේ මොන යම් හෝ වෙලාවක අපිට තනිවෙන්න උනොත් අපි උත්සහවන්ත වෙන්න ඕන ඒ තනිකම සහ ප්‍රතික්ෂේපවීම දරාගෙන තමන් කවුද , තමන්ට මොනවද කරන්න පුළුවන් කියන දේ හොයාගන්න .තමන් පහු කරන් ආව අතීත ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලපුවාම ඒ හැමදේම තමන්ගේ ජීවිතයට පාඩමක් කරගෙන , ආයම ඒ වැරදි අඩු පාඩු වර්තමානයේ සිද්ද නොවෙන්න දීලා හොඳ අනාගතයක් හදාගන්න එක තමා ඕනම කෙනෙක් කරන්න ඕන . හුඟාක් මිනිස්සු හිතනවා කාත් කවුරුත් නැති උනාම තමන් අසරණයි කියලා . ඒත් තතිවෙනවා කියන්නේම තමන්ට හොඳ Mortivation එකක් . ආශ්‍රය කරපු සමහර බැඳීම් වලින් ගොඩක් පාඩම් ඉගෙන ගන්න ඇති . හිත රිදෙන්න ඇති . දුක් වෙන්නත් ඇති . ඒත් අන්තිමට දැනෙනවා ඒ හැමදේකදිම අවසානයේ තමන්ට තමන් විතරයි කියන තනි හැඟීම . කොච්චර අමාරු උනත් ඒ තනිකම කියන හැඟීමට අමාරුවෙන් උනත් මූණ දෙන්න . හිතනවට වඩා අමාරුයි ඒ තනිකම එක්ක ජීවීතේට මූණ දෙන්න . ඒත් ජීවිතේ වැටෙන්න ඕන පහළම අඩියට වැටුන ගොඩක් මිනිස්සු ජීවිතේ හැම දුකක්ම විඳගෙන , හැම කට්ටක්ම කාලා ජීවිතේ ගොඩ නගාගෙන තියෙනවා . ඒ හැම කෙනෙක් ජීවිතේ තට්ට තනිවුන මිනිස්සු . දුක කියන දේ අන්තෙටම විඳපු මිනිස්සු . ඒ නිසා වැඩකට නැති දේවල් මත්තේ ජීවත් වෙන එක නවත්තලා තමන්ගෙ ජීවිතේ ගොඩ නගා ගන්න තරම් උත්සහවන්ත වෙන්න . වතුරේ ඈතට පීනන්න නම් අපි වතුරට බහින්න ඕන . පොත් වල ලිය ලිය පීනන්න ඉගෙන ගන්න බෑනේ නේද . ඒ වගේම තමයි ගොඩ ඉඳන් බලන් උන්නට පීනන්න පුළුවන් වෙන්නෙත් නෑ . අපිට වතුරට බහින්නම වෙනවා . ගිලෙයි , නහයට වතුර යයි , ඒත් අපිට උත්සහ කලොත් නහයට වතුර යන්නෙත් නැතුව ගිලෙන්නෙත් නැතුව පීනන්න ඉගෙන ගන්න පුළුවන් . ඒ නිසා ජීවිතය කියන දේ තමන්ට මොන විදියට ලැබුනත් ඒ ජීවිතය සතුටුදායක තැනකට අරන් යන වගකීම තියෙන්නෙ තමන් අතේ . ඒ නිසා අනවශ්‍ය බැඳීම් , අනවශ්‍ය සිතුවිලි හැමදේම අයින් කරලා තමන්ට තමන් විතරයි ඉන්නෙ කියන දේ තමන්ට තේරුම් කරලා දීලා තමන්ගෙ ජීවිතය සාර්ථක කරගන්න තරම් උත්සහවන්ත වෙන්න . තමන් හිසට තම අතමය සෙවණැල්ල …
- – නිමා –




