
ස්වභාව සෞන්දර්යාත්මක ගුණයෙන් පිරිච්ච රටක් වන අපේ ශ්‍රී ලංකාවේ ගොඩක් ප්‍රදේශ තියෙනවා අතිශයින්ම සුන්දරයි කියනෙක ඕනම කෙනෙක් දන්න කාරණාවක් . ලංකාව් නොයෙකුත් ප්‍රදේශ වල ඒ ඒ ප්‍රදේශයන්ට ගැලෙපෙනාකාරයෙන් ස්වාභාවිකවම නිර්මාණය වුනු දුර්ලභ එහෙත් සුන්දර තැන් බොහෝමයක් අද වන විට බොහෝ දෙනෙක්ගෙ ඇස ගැටී අවසන් . ඒ ප්‍රදේශ අතරින් බලංගොඩ කල්තොට ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා තිබෙන ” හුණුගල් පොකුණ ” කියන්නේ ස්වාභාවිකව අපිට උරුම වුන තවත් එක් සුන්දර සම්පතක් .
අවසාධිත පාෂාණ වර්ගයක් වන හුණුගල් කියන්නේ , ඛනිජ හෝ කාබනික අංශු පෘථිවි පෘෂ්ඨයෙහි සංචයනය හෝ සාධනය වීම නිසා ඉන් පසුව ඒ එක්වීමෙන් සෑදෙන පාෂාණ විශේෂයක් . ප්‍රධාන වශයෙන් මේවා ජලය යට නිර්මාණය වන අතර , වසර ලක්ෂ ගනණක් ගත වේ . එමෙන්ම ඒ හුණුගල් ඒ ආකාරයෙන් නිමවීමේදී තට්ටු අඩු දහස් ගනණක ඝනකමක් ඇතිව නිර්මාණය වේ .
බලංගොඩ ප්‍රදේශයේ කූරගල රක්ෂිතයට අයිති අපූරු දායාදයන් රැසකින් , මෙම ස්වභාවික හුණුගල් පොකුණ සුවිශේෂී ස්ථානයක් හිමිකර ගන්නවා . මෙම සුන්දර ස්ථානයට හුණුගල් පොකුණ කියා හඳුන්වන්නට ප්‍රධානතම හේතුව වන්නේ , ස්වභාවිකවම හුණුගල් ඛාදනය වීම නිසා පොකුණු මෙන් වටවී වටවුණු කුඩා තටාක බොහෝමයක් නිර්මාණය වී ඇති නිසාවෙනි . මෙම හුණුගල් පොකුණු වල පතුල කොන්ක්‍රීට් බදාමයක් දමා ඇති මෙන් , එසේ නැත්නම් පිහිනුම් තටාකයක පතුල සේම විනිවිද භාවයකින් යුක්ත වන අතර එම පතුල කිසි විටක කැලතීමක් නොවීම නිසා අපවිත්‍ර වන්නේ නැත . මෙම පොකුණු නිර්මාණය වී ඇති හුණුගල්වල විශේෂත්වයක් වන්නේ හුණුගල් ජලය ගලායන දිශාවට අනුවර්තනය වී තිබීමයි . පොකුණු තුළ ඇති තට්ටු සියල්ලේම බැම්ම සෑදී තිබෙන්නෙ මෙම ස්වාභාවිකව නිර්මාණය වුනු හුණුගල් වලිනි . එහි බැම්ම තනි හුණුගලින් තිබුණ ද , එය ජලය ගලා යන දිශාවට නිර්මාණය වී තිබෙන්නේ වසර ගණනාවක් පුරා ජලය ගලා යෑමේ රටාවට හුරු වී හුණුගල් වැටීම නිසාවෙනි .
තට්ටුවෙන් තට්ටුවට වෙන් වෙන් වශයෙන් ඉතා අලංකාර ලෙස නිර්මාණය වී ඇති මෙම හුණුගල් පොකුණ හුණුගල් පහලට වැටෙන අයුරින් පිහිටා තිබීම නිසා හිරිලඹ ලෙසින් දක්නට ලැබේ . කුඩා තටාක දොළහකට වඩා නිර්මාණය වී තිබෙන අතර , මෙම හුණුගල් පොකුණු තුල වැඩුනු කුඩා ජලජ ශාක සහ ගලා යන දිය පහරවල් මැද වැඩුනු විශාල ගස් පවා දක්නට ලැබේ . මෙහි ජලය සම්පූර්ණයෙන්ම කිවුල් දියෙන් පිරී තිබේ . කිවුල් දියෙන් පිරුණු එකම හුණුගල් පොකුණද මෙම හුණු ගල් පොකුණ වේ .
හුණුගල් පොකුණේ දිය දහරාව වලවේ ගඟට එක් වන සීමාව වන විට තවත් කුඩා තටාක ගනණාවක් තිබෙන අතර , එම කුඩා තටාක තරමක ගැඹුරකින් යුක්ත වේ . යෝධ පුස් වැල් සහ ජලය මතුපිට වැඩුණු රූස්ස ගස් නිසා වෙන් අවට පරිසරය පුරාවට ඇත්තේ සිසිලදායි පරිසරයක් බව ප්‍රදේශවාසීන් මෙන්ම මෙම හුණුගල් පොකුණ නැරඹීමට ගිය අයද අදහස් දක්වා ඇත .
බලංගොඩ රජවක රක්ෂිතයේ කල්තොට ප්‍රදේශය ආශ්‍රිතව ස්වාභාවිකව නිර්මාණය වී ඇති මෙම හුණුගල් පොකුණ නැරඹීම සඳහා සංචාරකයින් පැමිණෙන නමුත් , බොහෝ අයගේ නොමනා ක්‍රියා කලාපයන් හේතු කොට ගෙන ප්‍රදේශවාසින් විසින් මෙම හුණුගල් පොකුණ නැරඹීමට නොදුන් අවස්ථා තිබූ බවටත් ඇතැම් සමාජ මාධ්‍ය වල අදහස් දක්වා තිබුනා .
කෙසේ නමුත් සොබාදහමේ අපූර්වතම නිර්මාණයක් වන මෙම ” හුණුගල් පොකුණ”
නැරඹීමට යන ඔබ , අපේ රටේ මෙවන් සුන්දර ස්ථානයන් විනාස වන්නට නොදී රැක ගැනීමට කටයුතු කිරීම අප කාගේත් යුතුකමකි .
- නිමා –



