Home›Magazine›Article
Magazine

ජීවිතය සතුටින් දකින්න …

YOUWATHI • Stories, inspiration and meaningful ideas

ජීවීතේ කියන්නෙම සමහර වෙලාවට දුක – සතුට එක්ක යන ගමනක් . ඒ ගමනෙදි අපිට එක එක විදියෙ මිනිස්සු ආශ්‍රය කරන්න හම්බෙනවා . බැඳීම් ඇති වෙනවා . එහෙම හම්බෙන බැඳීම් නිසා – මිනිස්සු නිසා තරහක් , දුකක් , හිත් රිදවීමක් , කළකිරීමක් එන්න පුළුවන් . මොනාහරි දේකට රණ්ඩු වුනාම අපිට එන්නෙ තරහක් . ඒ වගේම තමා අපිට බැන්නම එන්නෙ දුකක් . හිත් රිදවීමක් කියන්නේ අපිට තරහවට – දුකට වඩා අපේ හිත පාරවන වචන වලට . ඒ සියල්ලෙම එකතුවක් තමයි කළකිරීමක් කියන්නේ .

එතකොට අපි එහෙම කළකිරීමක් ඇති කරගන්න ඕනද අපේ හිතට . මොනාමහරි දුක හිතෙන දෙයක් වුනාම , හිත රිදෙන දෙයක් වුනාම ඒ හැමදේකම පුංචි හරි සතුටක් ඇති ඉතුරු වෙලා අපිට මතකයට නොඑන . ඉතිං තරහවක් , දුකක් , හිත් රිදවීමක් අපේ හිතට ආවම අපිට බැරිද චූට්ටක් අපිට ඒ සිද්දිය එක්කම ආපස්සට ගිහින් සතුටු හිතෙන පුංචි තැනක් මතක් කරගන්න . එහෙම මතක් කරගන්න අපිට පුළුවන් නම් අපිට ජීවීතේ කිසිම තැනක කළකිරීමක් ඇති කරගන්නෙ නැතුව අපිට ජීවීතේ ඉස්සරහට යන්න පුළුවන් . ජීවීතේදි අපිට මූණදෙන්න වෙන හැම තරහකම , හැම දුකකදිම , හැම හිත් රිදවීමකදිම සතුටු වෙන්න පුංචි දෙයක් හොයගන්න . ආපස්සට හැරුණම එහෙම සතුටු වෙන්න දෙයක් නැත්නම් අලුතින් දෙයක් හොයාගන්න . ආස සිංදුවක් අහන්න , ඩාන්සින් කරන්න , ආස පොතක් කියවන්න , තමන් ආස කෙනෙක් එක්ක නිදහසේ කියවන්න , ඇවිදින්න යන්න , බීච් එකට යන්න . එහෙම තැනක ඔයාගෙ හිතට වද දෙන පුංචි දේ හරි ලොකු දේ හරි නැති කරන්න තරම් බලයක් තියෙනවා කියලා මතක තියාගන්න . අන්න ඒ හිත පුරවන සතුට ඔයාලගේ ජීවීතේට එකතු කරගන්න . ඒ සතුට එක්ක ජීවත් වෙන්න . අපි කවුරුත් ලඟ තියෙන බැඳීම් අපිට රිද්දුවා කියලා අපි විනාශ වෙන්න නෙවෙයි ඕන . ඒ හැම බැඳීමක් එක්කම අපි හිටපු විදිය වෙනස් කරගෙන , හිතන විදිය වෙනස් කරගෙන ඒ හිටියට වඩා වෙනස් වෙලා – තමන් තමන්ම වෙලා නිදහසේ සැහැල්ලුවෙන් සතුටින් ජීවීතේ ඉස්සරහට අඩි තියලා යන්නයි ඕන . කවුරුත් කියනවනම් ඔයාට බෑ කියලා , ඔයා හිතන්න ඒ බෑ කියන්නෙ මොකක්ද ඒක ඔයාට පුළුවන් උපරිම මට්ටමින් ඒ දේවල් ලඟා කරගෙන ජීවීතේ දිනන්න .

ජීවීතේ සමහර තැන් වලදි අපිට දිනන්න වෙන්නෙ රිදවීම් ඉවසගෙන නම් , පොඩ්ඩක් පහු බහින්න . කියන අය ගොඩක් කතා කියයි , වට්ටයි . කමක් නෑ ඒ ඕන දෙයක් කියන්න ඉඩ දීලා ඉවසන් ඉස්සරහට යන්න උත්සහවන්ත වෙන්න . කවදාවත් කියපු කතාවක් ආය වෙනස් කරන්න බෑ . හැබැයි අපි සතුටින් ජීවීතේ දින්නම ඔය කියවපු අයට ඇතිවෙන කළකිරීම කවදාවත් ඒ අයගෙ හිත් වලින් මැරෙනකල්ම නැති වෙන්නෙ නැතුව පසුතැවීමක් විදියට ඉතුරුවෙයි .

  • – නිමා –
Share this article
Scroll to Top