අද සමාජයේ ජීවත් වෙන ගොඩක් අය ඉන්නේ අපි නොහිතන ජීවිත පසුබෑම් වල . එහෙම නැත්නම් හිතාගන්න බැරි ප්රශ්න වල – අහිමිවීම් වල – පසුතැවීම් – කළකිරීම් එක්ක . ගොඩක් අයට ඕන ප්රශ්න වලදි මැරෙන්නම විතරයි . එහෙම හිතෙන්නේම ඒ ජීවිත පසුබෑම් දරාගෙන ඉස්සරහට යන්න බැරිකම . තමන් විසින්ම තමන්ම තමයි ජීවිතේට එන ප්රශ්න එක්ක ජීවිතය අත් අරින්න තීරණය කරන්නේ . ජීවිතය අත් අරිනවා කියන්නෙ මැරෙන එකම නෙවේ . කිසිම වැඩක් නොකර ඔහේ කකා බිබී දවසම නිදාගෙන ඉන්න එක , වැඩකට නැති හිතවත් කම් එක්ක දවස පුරා කාලය ගෙවා දාන එක , ඔහේ බලාගත්ත අත බලාගෙන දවසම විනාස කරලා දාන එක වගේ දේවල් වලින් තමන්ව අතෑරගන්නෙ තමන් මයි . ඔයාලව කොතනහරි තැනක ප්රතික්ෂේප වෙනවනම් , කඩා වැටෙනවා නම් එතනින්ම නැගිටින්න බලන්න .
ජීවීතේ කියන්නෙ හරි ලස්සන තෑග්ගක් . ඒක හරි ලස්සනට සුන්දර කරගන්න . අපිට පුළුවන් ශරීර බාහිර ස්වරූපයෙන් වගේම හිතත් ලස්සනට හසුරවන්න . විහින් කැත වෙන්න එපා . දවස පුරාම නැවුම්ව ඉන්න උත්සහ කරන්න . දුක හිතෙනවා – කළකිරෙනවා තමයි . ඒත් එහෙමයි කියලා ඒ හා ගැලපෙන සිංදු අහ අහ – ෆිල්ම් / පොඩි වීඩීයෝ ක්ලිප් බල බල දවස කාලකණ්නි කරගන්න එපා . එහෙම නිතරම දුක හිතෙන දේවල් බලනකොට අපේ මනස වැඩ කරන්නෙම රිනාත්මකව . අපිට ප්රශ්න තියෙන්න පුළුවන් . පුංචිම ප්රශ්නයක්වත් නැති කෙනෙක් මේ ලෝකේ කොහේවත් නෑ කොහොමත් . ජීවිතේ ආර්ථික කඩා වැටීමක් – තනිවීමක් – ප්රතික්ෂේපවීමක් නොවිඳපු කිසි කෙනෙක් මේ ලෝකේ කොහේවත් නෑ . ඒක හොඳට හිතට ගන්න . ඒ නිසා මුස්පේන්තු සිංදුවකින් දවස පටන් අරන් දවස ඉවර කරන්න එපා . ඒකෙන් වෙන්නෙම ඔයාලගෙ මනස පහළට වැටෙන එක . තමන් විහින් විනාස වෙනවා කියන්නෙ ඒකට . කරන්නම දෙයක් නැත්නම් ඔයාලට ඇතිනෙ පුංචි හරි හැකියාවක් . අන්න ඒකෙන් වැඩක් ගන්න බලන්න . ආස කෑමක් හදන්න පොඩි වෙලාවක් අරන් එහෙම නැත්නම් මොනාහරි දෙයක් ලියන්න උත්සහ කරන්න , එහෙමත් නැත්නම් මොනාහරි හිතට එන නිර්මාණයක් ඔයා ලඟ තියෙන දේවල් වලින් කරන්න උත්සහවන්ත වෙන්න . එතකොට ජීවීතේ මොන දුක ආවත් ඒ පුංචි දෙයින් සැනසෙන්න මඟක් හොයාගන්න . ලයිෆ් එක බිසී වෙන තරමට දුක හිතෙන දේවල් වගේම ප්රශ්න එක්ක ඔට්ටු වෙන්න තියෙන කාලය බොහොම අඩුයි . අද මේ ගෙවෙන මොහොත ආදරණීයව සතුටින් ගෙවන්න පුරුදු වෙන්න . ඒකට ඔයාලගෙ හිත හුරු පුරුදු කරවන්න . ඊයේ තිබ්බ ප්රශ්න හෙට දවසට අරන් යන්න එපා . අලුත් දවස අලුතින් පටන් ගන්න . අලුතින් හිතන්න . අලුතින් තමන්ව ගොඩ නගන්න . තමන් උත්සහවන්ත උනොත් ජීවිතය කියන්නෙ ඔයාට ලැබුන ලස්සනම තෑග්ගක් .
- – නිමා –

