Home›Editor›Article
Editor

වැටුන තැනින් නැගිටිමුද ?

YOUWATHI • Stories, inspiration and meaningful ideas

ජීවිතේ සමහර තැන් හරිම දුෂ්කරයි . එහෙමත් නැත්නම් හරිම කටුකයි . හිනාවෙලා සතුටින් ජීවිතේ ගෙවන්න හිතපු ඔයාව එහෙම දුෂ්කර , කටුක , අමාරු කාලවල හිරවුනාම ඒක පුදුම අමාරුයි.

හැමදේම වෙන්නේ හොඳටයි කියලා කතාවක් තිබුනාට , හැමදේම වෙලා තියෙන්නේ ඔබට විඳවන්න කියලා දැනෙනකොට ජීවත් වෙන එක ඊටත් වඩා පුදුම අමාරුයි.

සමහර ප්‍රශ්න , සමහර කරදර හිතුවෙවත් නැති දෙවල් . හිතේ තිබුන බලාපොරොත්තු එහෙමම නටබුන් වෙලා යනකොට ඒක ඒක හිතකට දරාගන්න පුදුම අමාරුයි.හැමදේම වැරදිලා දුක විතරක්ම ජීවිතය ගාව නතර වුනාම, තමන්ගේ කියලා කවුරුත්ම නැතිව ඒ හැම දුකක්ම තනිවම දරාගන්න වෙනකොට ඇත්තටම හිතකට ඒක පුදුම අමාරුයි.

මේ වෙලාවේ ඔබ ජීවිතය ඉදිරියේ බොහෝ ප්‍රශ්න , කරදර වල ඉන්නවා වෙන්න පුලුවන් . විසඳුමක් පේන තෙක් මානයකවත් නෑනේ දෙව්යනේ කියලා හුල්ලම්න් ජීවත් වෙනවා වෙන්න පුලුවන්.

යුවති, මේ සුදානම් වෙන්නෙ ඔයාට හයියක් වෙන්න. විසදුමක් පේන තෙක් මානකයවත් නෑ කියලා හුල්ලපු ඔයාගේ ජීව්තේට අත්වැලක් වෙන්න යුවති සුදානම්. මට මං ව්තරයි මට කවුරුත් නෑනී උදව් කරන්න කියලා දහ අතේ කල්පනා කරපු ඔයාට යුවති හොදම මිතුරිය වෙන්න සුදානම්..

ඉතිං පටන් ගමු ඔයාගේ ජීව්තේ අලුතින්…
අමාරු දවස් , වේදනාව පිරුණු දවස් අපි හැමෝටම එනවා.හැබැයි අපිට පුලුවන්නම් කොහොමහරි හිත ශක්තිමත් කරගෙන ඒ අමාරුම දවස් වලට මුහුණ දීල ටික ටික හරි ඉදිරියට යන්න ඔබට මට අපි හැමෝටම ජීව්තය දිනන්න පුලුවන්.

ඔබේ ආදරණීය මිතුරිය යුවති සමග එකතුවෙන්න. අපි ඔබට ජීව්තේ දිනනන්‍ට සව්මත් අත්වැලක් වීමට සුදානම්…

– යුවති –

Share this article
Scroll to Top